මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන “මාතොට බීච් ෆෙයාර් - 2023“ එළඹෙන ඔක්තෝබර් මස 14 හා 15 දෙදින මාතර වෙරළ තීරයේ දී පැවැත්වෙන අතර ඒ පිළිබඳව මාතර - රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධනය, මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය අරමුණකර ගනිමින් “මාතොට බීච් ෆෙයාර් - 2023“ පැවැත්වේ.
මෙහි දී ළමුන් සඳහා සරුංගල් තරඟ, ළමුන් සඳහා වැලි මාළිගා තරඟ, ළමා විනෝද ක්‍රීඩා, මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල විශේෂ සංස්කෘතිකාංග, මල් වෙඩි සන්දර්ශන, පෙරදිග සංගීත වැඩසටහන්, කැලිප්සෝ සංගීත වැඩසටහන් සංවිධානය කෙරෙන අතර දේශීය නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටි, විවිධ ආහාර පාන සහිත වෙළඳ කුටි, විසිතුරු භාණ්ඩ සහිත වෙළඳ කුටි ඇතුළු වෙළඳ කුටි රැසක් ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබේ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය, මාතර දිස්ත්‍රික් වෙළඳ හා වානිජ මණ්ඩලය, මාතර මහා නගර සභාව හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව මෙම “මාතොට බීච් ෆෙයාර් - 2023“ සංවිධානය කෙරේ.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නාලිකා දොඩම්පේගම මහත්මිය, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මාතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, නාගරික සංවර්ධන අධිකාරිය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලය, පොලිසිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, මාතර කලාප අධ්‍යාපන කාර්යාලය සහ මාතර දිස්ත්‍රික් වෙළඳ හා වානිජ මණ්ඩලය, මාතර වෙළඳ සංගමය, රතු කුරුස සමාජය, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු නියෝජනය කරමින් එහි සාමාජිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment