Tuesday, January 1, 2019

‘අපි කොන්දේසි විරහිතව මහජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන්ට සේවය කරනවා’


මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක

මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එන මහජනතාව රස්තියාදු නොකර ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් අපි සේවය කරනවා. කණ්ඩායමක් වශයෙන් අපේ ශක්තිය අති විශාලයි. දිසාපතිට ඍජුව කතා කරන්න මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පුළුවන්. ඒ වගේ ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට මහජනතාව වෙනුවෙන් සේවය කරන්න නිදහස තියෙනවා. මම ඔවුන්ව විශ්වාස කරනවා. 

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා මෙසේ පැවසුවේ 2019 වර්ෂයේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් අමතමිනි.


2019 වර්ෂෙය් කටයුතු ආරම්භයට පෙර ආගමික වතාවත් සිදු කළ අතර ඉන් අනතුරුව දිසාපති තුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවා ප්‍රතිඥා දෙන ලදි. එසේ ම නව වසර වෙනුවෙන් පිළියෙළ කරන ලද සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව දිසාපති තුමා ඇතුළු සියලු ම රාජ්‍ය නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් පවත්වා නව වසරේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර නව වසරට සුභපැතුම් එක් කෙරිණි.








No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...