ශ්‍රී ලංකාවේ විපත් අවදානම සහ අනාගත අභියෝග යන මැයෙන් සංවාදාත්මක කතිකාවක්
පසුගියදා රුහුණ විශ්ව විද්‍යාලීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ
දී පැවැත්විණි.
විපත් දැනුම හා අත්දැකීම් හුවමාරුකර ගැනීම අරමුණුකර ගනිමින් මෙම කතිකාව
සංවිධානය කර තිබුණි.
මෙහි ආරාධිත දේශනය පවත්වන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා
මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසිනි.
රුහුණ විශ්ව විද්‍යාලයේ සාගරික හා සාමුද්‍රික භූ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය
නාලක ප්‍රදීප් රණසිංහ මහතා සහ රුහුණ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ
ජ්‍යේෂ්ඨ මහාචාර්ය පී.හේවගේ මහතා සංවාදාත්මක කතිකාව මෙහෙය වූහ.
රුහුණ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ස්වාභාවික විපත් තොරතුරු
මධ්‍යස්ථානය මෙම කතිකාව සංවිධානය කරන ලදි.
විශ්ව විද්‍යාල ආචාර්යවරු, විද්වතුන් හා විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා
සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment