Tuesday, January 8, 2019

‘සමරමු දසවස් - අභිමන් විරුවන්’ මැයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී


තම ශරීරාංග මෙන් ම ජීවිතය ද රට වෙනුවෙන් පූජා කරමින් තිස් වසරක් තිස්සේ පැවති ත්‍රස්තවාදය නිමා කර, දස වර්ෂයක් පිරීම නිමිතිකර ගනිමින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


ලේ දන්දීම සඳහා කැමැත්තක් දක්වන හා ඒ සඳහා සුදුසුකම් ලැබූ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසී ජනතාව සියයකට ආසන්න පිරිසක් ලේ දන්දිම සඳහා එක්වූහ.


මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා හා රණවිරු සේවා අධිකාරියේ වෛද්‍ය අංශයේ නි‍යෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රාජනායක මහත්මිය ඇතුළු පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාව සඳහා එක් වී සිටියහ.


සමාජ සුබසාධන, ග්‍රාම සංවර්ධන.... දකුණු පළාත් ගරු අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ අනුග්‍රහය ද සහිතව රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කේ.ජී.එච්.නෙළුම් කුමාරි මෙනෙවියගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් රණවිරු සංසද එකමුතුව මගින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.





No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...