Thursday, January 17, 2019

පාසල් ළමුන් සඳහා තෛපොංගල් සැමරුම් උත්සවයක් මාතර දී


ජාතීන් අතර සංස්කෘතික සබැඳියාව හා සංහිඳියාව වඩාත් තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද තෛපොංගල් සැමරුම් උත්සවයක් පසුගියදා මාතර පඹුරණ සාරිපුත්‍ර මහා විද්‍යාලයේ දී පැවැතිවිණි.

එහි දී තෛපොංගල් උත්සවය හා එහි ඇති අවශේෂ කර්තව්‍යන් පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ උපෙද්ශක සුන්දර රාජා ප්‍රියන්තිකා මෙනෙවියයි.

පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිකාංග ද ඉදිරිපත් කරන ලදි.

9,10.11 ශ්‍රේණිවල සිසු සිසුවියන්, පාසලේ ගුරු භවතුන් හා ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම තෛපොංගල් සැමරුම් උත්සවය සඳහා සහභාගි වී සිටියහ.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගතිය හා හින්දු කටයුතු අමාත්‍යංශ්‍ය, අධ්‍යාපන අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මාතර පඹුරණ සාරිපුත්‍ර මහා විද්‍යාල එක්ව උත්සවය සම්බන්ධීකරණය හා සංවිධාන කටයුතු සිදු කළ බව මාතර දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර මනෝජි හේවා කුරුප්පු මහත්මිය පැවසුවාය.



No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...