Wednesday, January 9, 2019

71 වන ජාතික නිදහස් දින සමරු උත්සවය - මාතර දිස්ත්‍රික්කය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 71 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත නිදහස් දින සමරු උත්සවය 2019 පෙබරවාරි 04 දින මාතර සනත් ජනසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී අද (10) දින පැවැත්විණි.

පසුගිය නිදහස් දින උත්සව අළලා මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් නිර්මාණය කරන ලද වීඩියෝ වැඩසටහන් නරඹා මෙවර නිදහස් දින උත්සවය පැවැත්විය යුතු ආකාරය හා එහි සංවිධාන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.


අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී - මාතර, ප්‍රධාන අණදෙන නිලධාරී - ගැමුණු හේවා බල ඇණිය, සහකාර ප්‍රාදේශිය ලේකම් - මාතර, නාගරික කොමසාරිස්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බන්ධනාගාර අධිකාරී - මාතර, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, මාතර මහ රෝහල, කොග්ගල ගුවන් හමුදා කඳවුර, ගාල්ල දක්ෂිණ නාවික කඳවුර, සාන්ත ජෝන් ගිලන් රථ සේවය, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය  මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ. 




No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...