2018 අධ්‍යයන පොදු
සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී
දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නාරංදෙණිය
ජාතික පාසලේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි ශිෂ්‍යාව සමත්වූවා ය.
ජෛව පද්ධති
තාක්ෂණය විෂය ධාරාව යටතේ, ජෛව පද්ධති තාක්ෂණෙව්දය, කෘෂි විද්‍යාව හා තාක්ෂණය සඳහා
විද්‍යාව යන විෂයයන් තුනට ම ‘ඒ‘ සාමාර්ථ හිමිකර ගෙන ඇති සඳුනි ශිෂ්‍යාවගේ ඉසඩ්ස්කෝර්
අගය 2.9369 වේ.
ගොමිල මාවරල ප්‍රදේශයේ
පදිංචිකාරියක වන ඇය මාවරල මහා විද්‍යාලයෙන් 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා
නාරංදෙණිය ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වී තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර
සාමාන්‍ය පෙළ විභාගෙයන් ද ‘ඒ‘ සාමාර්ථ 8 ක් ලබා ගැනීමට සඳුනි ශිෂ්‍යාව සමත් වී ඇත.
විදුහලේ උප ප්‍රධාන
ශිෂ්‍ය නායිකාව වශයෙන් ද කටයුතු කර ඇති ඇය විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට මෙන් ම
විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ද දායක වී ඇත. සමස්ත ලංකා නර්තන තරඟ වලින් හා ක්‍රීඩා
කටයුතු වලින් ද ජයග්‍රහණ ලබා තිබේ.
No comments:
Post a Comment