Friday, December 7, 2018

“සරස” රත්නමය ගී අමානන්දය දෙසැම්බර් 15 වැනිදා මාතර රුහුණ විශ්ව විද්‍යාලීය රබීන්ද්‍ර නාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී


මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමයට අධාර පිණිස සංවිධානය කරනු ලබන වික්ටර් රත්නායක “සරස” රත්නමය ගී අමානන්දය සංගීත ප්‍රසංගය 2018 දෙසැම්බර් 15 දින සවස 6.30 ට මාතර රුහුණ විශ්ව විද්‍යාලීය ගුරුදෙව් රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම ගී දැහැන සඳහා වික්ටර් රත්නායක මහතා ගායනයෙන් දායක වෙති. සංගීතය සැපයීම සුසිල් අමරසිංහ මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මගින් සිදු කරනු ලබන අතර ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ මහතා නිවේදන කටයුතු සිදු කරයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය මගින් “සරස” රත්නමය ගී අමානන්දය සංගීත ප්‍රසංගය සංවිධානය කරයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...