Tuesday, December 11, 2018

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් රුපියල් මිලියන 52 ක් වැය කරමින් මාතර දිස්ත්‍රික්කය සංවර්ධනය කෙරේ


දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඇරඹි ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් 2018 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 52.30 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සී.එම්.සිරිවර්ධන මහතා පවසයි.
රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් මාතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි  ග්‍රාම නිලධාරී වසම් 48 ක් තෝරාගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් සඳහා එක් ග්‍රාම නිලධාරී වසමකට රුපියල් මිලියනය බැගින් ග්‍රාම නිලධාරී වසම් 48 වෙනුවෙන් 2018 වර්ෂය සඳහා රුපියල් මිලියන 48 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එමගින් ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය හා ධාරිතා සංවර්ධනය වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ප්‍රජාපාලිත / නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මානවල ග්‍රාම සංවර්ධන සැලැස්මට අනුව එක් ග්‍රාම නිලධාරී වසමකින් තෝරාගත් ඒක් ව්‍යාපෘතියක් අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසෙය් ප්‍රාදේශිය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2018.12.20 දින පෙ.ව.11.00 ට ආරම්භ කිරීමට නියමිත අතර අනෙකුත් ගම්මාන සඳහා අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සහකාර ප්‍රාදේශිය ලේකම්ගේ හා සහකාර අධ්‍යක්ෂගේ (සැලසුම්) ප්‍රධානත්වෙයන් ආරම්භ කිරීමට නියමිත ය.

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිති පනහක් (50) ලියාපදිංචි කර ඇත.

සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේ දී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ දී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ජීවන මාර්ග දියුණු කරගැනීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ. සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.

දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ජනාධිපති කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කරන ලදි.

2017 – 2020 වසර හතරක කාලසීමාවක් තුළ ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවේ. මේ යටතේ වර්ෂ 2020 වන විට ගම් 15,000 ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.

වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රජා පාලිත ග්‍රාම නිලධාරී වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය. ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4 ක කාලයක් සඳහා ග‍්‍රාම නිලධාරී වසම් සඳහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...