අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය
නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති
කාර්ය සාධන බලකාය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව
දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවේ මාතර
දිස්ත්‍රික් වැඩසටහන මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් ඒස්.කේ.වැල්ලහේවා මහතාගේ
ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ ජනමාධ්‍යවේදීන් සඳහා වෙන් වූ පසුගිය
25 වැනිදා මාතර - මැද්දවත්ත රෝහණ මහා විද්‍යාලයේ දී අති සාර්ථකව පැවැත්විණි.
මෙහි දී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව
පිළිබඳව රෝහණ මහා විද්‍යාලයේ සිසුන් විසින් කෙටි නාට්‍යයක් ද ඉදිරිපත් කරන ලද අතර මත්ද්‍රව්‍ය
නිවාරණය පිළබඳව පැවති පාසල් චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම ද සිදු කරන
ලදි.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය
සපයන ලද්දේ කඹුරුපිටිය මූලික රෝහලේ මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහතා සහ
මාතර පොලිස් ස්ථානයේ ප්‍රජා විශෝධන නිලධාරී අජිත් සෙනවිරත්න මහතා විසිනි.
ඔවුහු මෙසේ පැවසූහ.
මත්ද්‍රව්‍ය භාවිතය සමාජ ගැටලුවක් බවට
පත්වීම කෙරෙහි අවධානය යොමු කරන විට ප්‍රධාන සාධක කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන. මත්ද්‍රව්‍ය
භාවිතය හා බැඳුණු වැරදි මත හා විශ්වාස ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එම වැරදි
මත වන්නේ මත්පැන් පානය කිරීමෙන් සතුටක් වින්දනයක් ලැබෙන බව, ආත්ම විශ්වාසය
වැඩිකර ගැනීමට හැකි බව, ප්‍රශ්න අමතක කළ හැකි බව, මහන්සිය
දුරු කරගත හැකි බව ආදියයි. නමුත් මේ සියල්ල මිථ්‍යා මත වන අතර ඉන් සිදු
වන්නේ ශාරීරික හා මානසික රෝගාබාධ වැළඳීමයි.
මත්පැන් අලංකාර බෝතල් වල බහා තිබීම,
ඒවා භාවිතා කරන අවස්ථාවන්
ආකර්ෂණීය වීම, භාවිතා
කිරීම හා බැඳී පවතින වාග් මාලාව, විශේෂ හැසිරීම් ඇති වීම වැනි ඒ
ආශ්‍රිතව ඇති ආකර්ෂණීය බව ද මත්පැනට පෙළඹීමේ තවත් සාධකයකි. එසේම
මත්පැන් සමාගම් මගින් ගෙන යන විවිධ ව්‍යාපාරික උපක්‍රම ද,
ප්‍රචණ්ඩකාරීව සමාජය
තුළ හැසිරීමට හැකි වීම ආදිය නිසා ද බොහෝ විට මත්පැන් වෙත ඇති
පෙළඹවීම වැඩි විය හැකියි.
මත්ද්‍රව්‍ය අපගේ සිරුරේ සෑම අවයවයකට ම
අහිතකර ලෙස බලපාන අතර එහි දී බොහෝ සෙයින් අක්මාව ආශ්‍රිතව
ඇති වන සිරෝසිස් තත්ත්ව හා අක්මාව අක්‍රිය වීම
සිදු විය
හැකියි. එය හදවත කෙරෙහි ද බලපාන අතර හෘදයේ පේශිවල අබාධ ඇතිවීම හා අධි
රුධිර පීඩනය, ස්නායු
පද්ධතිය ආශ්රිත රෝග තත්ත්ව, ලිංගික
බෙලහීනතාවය, මන්දපෝෂණයට
ද හේතු වේ. තව ද මෙය ඇබ්බැහියක් බවට පත්ව මත්පැන් නොමැති වූ විට
අතපය වෙව්ලීම, වලිප්පුව
වැනි ලක්ෂණ ඇති වීම ද සිදු වේ. මත්ද්‍රව්‍ය
භාවිතය පිළිකා ඇති වීමට ද ප්‍රධාන හේතුවක් වේ.
මත්පැන් භාවිතා කරන්නන් නිතරම මානසික
ආතතියෙන් පෙලෙන අතර ඔවුන්ගේ සතුට ද සීමා වන අතර ඔවුන්ට
තෘප්තියක් ලැබීමට හැකි වන්නේ මත්පැන් භාවිතයෙන් පමණයි. එසේම මෙම
පුද්ගලයන් ඉක්මනින් කෝපයට පත් වේ. එනිසා පවුල තුළ ගැටුම් ඇති වීම අදිය
නිසාවෙන් පවුල් සංස්ථාව ද බිඳ වැටේ. ආර්ථිකය කෙරෙහි ද ප්‍රබල ලෙස
බලපාන අතර ආර්ථික අස්ථාවරත්වය ඇති වේ. එසේම සමාජ සබන්ධතා බිඳ වැටීම ට ද හේතු වේ.
එපමණක් නොව මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙන් වර්තමානය වන විට මාර්ග අනතුරු ඇති
වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් ද වෙයි.
මේ අවස්ථාවට රෝහණ විද්‍යාලයේ විදුහල්පති
ශාස්ත්‍රපති වගේගොඩ පියනන්ද ස්වාමීන් වහන්සේ, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
කාර්යාලයේ වෛද්‍ය ඉරේෂා නූපෙහේවා
මහත්මිය, ගුරු භවතුන්, රාජ්‍ය නිලධාරීන්, ජනමාධ්‍යවේදීන්
හා පාසල් සිසු සිසුවියන් ඇතුළු 300 ක පිරිසක් සහභාගි වී සිටියහ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රෝහණ විද්‍යාලය ඒකාබද්ධව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
වැඩසටහන සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment