රට ජාතිය
වෙනුවෙන් දිවිපිදූ හා ශරීරාංග පූජා කළ මාතර දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල
දූ දරුවන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා වූ අභිප්‍රේරණ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කළේ රණවිරු
පවුල්වල දරුවන් වෙනුවෙන් සිදු කරන සුබසාධන කටයුතු වලට අමතරව මෙවැනි ආකල්ප සංවර්ධන
වැඩසටහන් පැවැත්වීම ඉතාම කාලෝචිත හා අගය කළ යුතු සද්ක්‍රියාවක් බවයි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයේ ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී.කුසුම්ලතා මහත්මිය සහ කඹුරුපිටිය ප්‍රාදේශිය
ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී ඒ.ආර්.සමුදුර රත්නායක මහතා විසිනි.
රණවිරු සේවා
අධිකාරියේ වෛද්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රාජනායක මහත්මිය ඇතුළු රණවිරු පවුල්වල දරුවන් හා දෙමව්පියන් මේ
අවස්ථාවට සහභාගි වී සිටියහ.
රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික්
කාර්යාලයේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කේ.ජී.එච්.නෙළුම් කුමාරි මෙනෙවිය හා ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී.කුසුම්ලතා මහත්මිය එක්ව වැඩසටහන
සංවිධානය හා මෙහෙයවීම සිදු කරන ලදි.
No comments:
Post a Comment