මාතර දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ගැටළු
සාකච්ඡා කෙරෙන විශේෂ
සංවර්ධන කමිටු රැස්වීමක් 2018.12.10 දින පෙ.ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයෙස්කර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ
සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සංවර්ධන කමිටු රැස්වීම, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.11.17 වන දින ජනාධිපති ලේකම්
කාර්යාලයේ දී පැවති පළාත් / දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ගනු ලැබූ තීරණ වලට අනුව දිස්ත්‍රික්
ලේකම්වරුන්ට ලබාදුන් උපදෙස් පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරයි
No comments:
Post a Comment