2019 වසරේ සිට දුනු විදීමේ ක්‍රීඩාව පාසල් මට්ටමින් හා ජාතික මටිටමින්
ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට නියමිත අතර දුනු විදීමේ ක්‍රීඩාව නගා
සිටුවීම හා ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන
ලදි.
14 න් පහළ කාන්තා, 14 න් පහළ පිරිමි, 16 න් පහළ කාන්තා, 16 න් පහළ පිරිමි, 18 න් පහළ කාන්තා, 18 න්
පහළ පිරිමි, 20 න් පහළ කාන්තා, 20 න් පහළ පිරිමි, 20 න් ඉහළ කාන්තා හා 20 න් ඉහළ පිරිමි වශයෙන් තරඟ
ඉසව් 10 ක් යටතේ දුනු විදීමේ දිස්ත්‍රික් තරඟ පැවැත්විණි. මාතර දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින් තරඟ
කරුවන් 100 ට ආසන්න පිරිසක් සහභාගි වූහ.
මේ අවස්ථාවට දකුණු පළාත් ගරු ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමාගේ පුද්ගලික ලේකම් ගොයුම් ප්‍රභාත්
මහතා, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක බන්දුල අබේසේකර මහතා, මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ
ගරු සභාපති දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ. නානායක්කාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති
නිලධාරී හේමන්ත බණ්ඩාර මහතා, මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී ආර්.එම්.ඩී.ඒ. සෙනරත් මහතා,
මාතර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී විරාජ් සිරිතුංග මහතා, ඇතුළු මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ
සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක්සහභාගි වී සිටියහ.
මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය,
මාතර දිස්ත්‍රික් දුනු විදීමේ ශිල්ප සංගමය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
එක්ව සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment