Tuesday, December 4, 2018

මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් පිළිබඳව විමසා බැලේ


 
 
මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ජාතික හා ජාත්‍යන්තර සබඳතා සහිත රාජ්‍ය නොවන සංවිධානවල 
ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් 
එස්.කේ වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 
දී පැවැත්විණි. 
 
මාතර දිස්ත්‍රික්කයට පමණක් සීමා වූ රාජ්‍ය නොවන සංවිධාන අසූවකට අධික ප්‍රමාණයක් හා දිවයින 
පුරා ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන විස්සකට අධික ප්‍රමාණයක් වශයෙන් සියයකට අධික රාජ්‍ය  
නොවන සංවිධාන ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.
 

2018 වර්ෂයේ මේ වන තෙක් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් පිළිබඳව විමසා බැලීම මෙහි දී සිදු කරන ලදී.
 
අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම, වරප්‍රසාද අහිමි වූ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම, දිළිඳුකම පිටු දැකීම, ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් සුරැකීම, පරිගණක සාක්ෂරතාවය හා ඉංග්‍රීසි භාෂා හා දෙමළ භාෂා දැනුම වර්ධනය කිරීම, කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, පාරිසරික, ආගමික හා සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ධීවර අයිතීන් ආරක්ෂා කිරීම, ජාති ආගම් භේදයකින් තොර ව මානව ධර්ම ආරක්ෂා කිරීම, පරිසර ආරක්ෂණය, බිම් මල් වගාව, නීති ආධාර ලබාදීම, අධ්‍යාපන කටයුතු, ප්‍රජා ගැටලු විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, ආපදා කළමනාකරණය, සමාජ සුභසාධනය, බට කර්මාන්ත කරුවන් නගා සිටුවීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මනො සමාජීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වෘත්තීය පුහුණුව, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සාම්ප්‍රදායික නැටුම් ආරක්ෂා කිරීම, සමාජ සුභසාධනය, ව්‍යවසාය සංවර්ධනය, ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හෙවෙදකම සංරක්ෂණය කිරීම, ළමා අධ්‍යාපනය හා කාන්තා සවිබල ගැන්වීම, ආර්ථික සාමාජීය සංවර්ධනය, රැකියා උත්පාදනය, සමාජ සංස්කෘතික අභිවෘද්ධිය, මාධ්‍යවේදීන්ගේ සුභ සාධනය හා වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම දී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මාතර දිස්ත්‍රික්කය නගා සිටුවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වේ.
 
රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නුවන් දිසානායක මහතා හා මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය 
නොවන සංවිධානවල නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
 


 

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...