මාතර දිස්ත්‍රික් විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී රජයේ වත්කම් හා මුදල් ඌන උපයෝජනය නොවන පරිදි මහජන සේවාවන් ඉටු කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් සැම විටම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත්, මූල්‍ය අවභාවිතයන් පිළිබඳව පමණක් නොව රජයේ නිලධාරීන් අතින් සිදුවන නොසැලකිලිමත්භාවයන් හා නිසි අවධානයක් යොමු නොවීම වැනි කාරණා ද අවමකර ගැනීමට කටයුතු කළ යුතු බවත්, මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් හා ව්‍යාපෘති වල දී ඒවායේ අරමුණු නිසි පරිදි ඉටුවනවා ද යන්න පිළිබඳව ද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවත් මාතර දිස්ත්‍රික් ලේකම් නීතිඥ වයි.වික්‍රමසිරි මහතා අවධාරණය කරන ලදි.
පසුගිය විගණන කළමණාකරණ කමිටු රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය, අභ්‍යන්තර විගණන කටයුතු පසුවිපරම, විගණකාධිපති විගණන විමසුම් පසු විපරම, නව විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති බී.ජී.අසේල ඉධුනිල් මහතා, ප්‍රධාන ගණකාධිකාරී පී.වික්‍රමසිංහ මහතා, විගණන අධිකාරී ටී.එස්.කොඩිකාර මහතා, විගණන අධිකාරී බී.එම්.සිසිර කුමාර මහතා, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බී.ජී.තිසාර මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක එන්.ඩී.කලංසූරිය මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment