කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙනියාය - විහාරහේන මාර්ගයේ, දෙනියාය රෝහලට යාබද කඩිගල වත්ත අද (29) දින උදෑසෑන නායයෑමක් සිදු වූ අතර ආඩාරදෙනිය වත්ත විශාල පස් කොටසක් එම මාර්ගය මුලුමනින්ම අවහිර වන පරිදි වැටී ඇත.
පස් ඉවත්කිරීමේ කටයුතු කොටපොල ප්‍රාදේශීය සභාව හා අඩාරදෙණිය පුද්ගලික වත්තේ යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සිදුකළ ද තවත් පස් කොටසක් කඩා ඒම හේතුවෙන් එම කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. තව ද එම මාර්ගයට පහළින් පිහිටි පවුල් දෙකක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.
මෙම මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට විකල්ප මාර්ග ලෙස බටයාය මාර්ගය කන්දිල්පාන හරහා ද සැහැල්ලු වාහන පමණක් මිරිස්වත්ත මාර්ගය භාවිතා කරමින් සිදුකළ හැකි අතර ජනතාවට දැඩි අවදානයෙන් පසුවන මෙන් මාතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සම්බන්ධිකරණ ඒකකය විසින් දැනුම් දෙයි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment