Friday, September 29, 2023

ගංවතුර පාලනය සඳහා නිල්වලා ගඟේ මෝය කට පුළුල් කෙරේ

 

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නිල්වලා ගඟ පිටාර ගැලීම මේ වන විට සිදු වෙමින් පවතින අතර සිදුවිය හැකි ආපදා ත්ත්වයන් අවම කර ගැනීම සඳහා මාතර - තොටමුණ ප්රදේශයේ පිහිටි නිල්වලා ග‍‍ඟෙහි මෝයකට පුළුල් කිරිම ඊයේ (28) දින පස්වරුවේ සිදු කරන ලදි.

ඒ මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්රික් වාරිමාර්ග කාර්යාලය විසින් මෝයකට පුළුල් කිරීමේ කටයුතු සිදු කරන ලදි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...