රාජ්‍ය ආයතන ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට සමගාමීව මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ අන්තර්ජාලය හරහා ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කිරීම සහ මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිළ වෙබ් අඩවිය ජනගත කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මාලිම්බඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම අරමුණුකර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් බදු මුදල් ගෙවීම, බලපත්‍ර ගාස්තු ගෙවීම, අනතුරුදායක ගස් ඉවත් කිරීමේ ගාස්තු ගෙවීම, පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම, වීථි රේඛා සහතික, පුස්තකාල සේවා, මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සහ අයදුම්පත් බාගත කර ගැනීම, සභාවේ සේවයේ නියුතු සේවකයන්ගේ නිවාඩු ඉල්ලුම් කිරීම වැනි විවිධ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් අවකාශ සැලසේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රාහය ලබාදෙන ලද්දේ ලංකා බැංකුව විසිනි.
මේ අවස්ථාවට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අරුණ ගුණරත්න මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය, පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මහතා, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් උමේෂා මාතරගේ මහත්මිය, මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් එච්.එච්.අසංකා කුමාරි මහත්මිය, අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලීන් ජයමිණ මහතා, මාලිම්බඩ ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරීන්, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ලංකා බැංකුවේ මාලිම්බඩ ශාඛාවේ කළමනාකාරතුමිය, මාලිම්බඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment