මාතර නගර සැලසුම් පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එහි දී මාතර කොටු දොරකඩ ආකර්ෂණිය ලෙස සංරක්ෂණය කිරීම, කොටුව තුළ පිහිටි පැරණි අධිකරණ ගොඩනැගිලි දෙක, ඉඩම් කාර්යාල ගොඩනැගිල්ල සහ මාතර කොටුව ක්‍රීඩාංගණය කෞතුකාගාරයක්, අවන්හල් සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් නවීකරණය සහ සංවර්ධනය කර මාතොට උරුමය පදනම මගින් කළමණාකරණය කිරීමට සහ මාතොට උරුම නව කෙටුම්පත සකස් කර එළඹෙන පෙබරවාරි මස වන විට මහජනයාට විවෘත කිරීමට ද තීරණය කෙරිණි.
මාතර ඉදිකර ඇති ගඟබඩ උද්‍යානයේ පහසුකම් මාතර මහ නගර සභාවට සහ නාගරික සංවර්ධන
අධිකාරියට 50% - 50% ක් ලෙස ලාභය බෙදී යන
ආකාරයට ලැබෙන ලෙස පෞද්ගලික අංශය වෙත බදු දීමට සහ කළමණාකරණය කිරීමට එකඟ වී ඇති අතර එය කඩිනමින්
මහජනතාවට විවෘත කිරීමට ද තීරණයකර තිබේ.
අකුරැස්ස නව බස් නැවතුම්පොළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ආයෝජනයක් මගින් වර්තමානයේ ඇති ස්ථානයේම නවීකරණය කර, ඉහළ මහල්වල වෙළඳ සංකීර්ණයක් සමඟ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ක්‍රියත්මක කිරීමට ද තීරණය කර ඇත.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment