මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයට සමගාමීව අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් රැසක් “සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ නිර්මාතෘ මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
ඒ
අනුව අකුරස්ස - පෝරඹ මහා විද්‍යාලයේ ඩෙංගු මර්දන වැඩසටහන, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 46 ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන මාර්ග දෙපස
පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහන, අකුරැස්ස නගරයේ කසල කළමනාකරණ වැඩසටහන මාතර
දිස්ත්‍රික් ලේකම් වරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහි දී එම වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක
කිරීම පිළිබඳව අදාළ නිලධාරීන්ට හා ප්‍රජාවට දිසාපතිවරයාගේ ප්‍රශංසාව හිමි විය.
මීට අමතරව අකුරැස්ස - ඉහළ මලිදුව සමූහ ගොවිපලේ ක්‍රියාකාරිත්වය සොයා බැලීම හා එම ගොවිපලේ “සරුසාර අලෙවි සැල“ විවෘත කිරීම ද දිසාපතිවරයා අතින් සිදු කෙරිණි.
මේ අවස්ථාවට පාසල් දරු දැරියන්, ප්‍රතිලාභීන්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් අනෝජා මහත්මිය, මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නාලිකා දොඩම්පේගම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment