Tuesday, September 19, 2023

පිටබැද්දර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක්

පිටබැද්දර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී පසුගිය කමිටුවේ දී ගත් තීන්දු තීරණ පිළිබඳව ප්‍රගති සමාලෝචනය සිදු කිරීම මූලිකව සිදු කළ අතර, ප්‍රදේශයේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව, විදුලිබල, පානීය ජල, සමෘද්ධි සංවර්ධන, මාර්ග සංවර්ධනය, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, සත්ව නිෂ්පාදනය, මගී ප්‍රවාහන, තැපැල්, නිවාස කටයුතු, සන්නිවේදනය, අපනයන භෝග, වෘත්තීය පුහුණු, ගොවිජන සේවා, වන සංරක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමුකර ඒ වෙනුවෙන් වූ වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබිණි.

මේ අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් ඩී.එච්.යූ.සඳමාලි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ළහිරු සඳරුවන් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...