Friday, September 15, 2023

සංස්කෘතික හුවමාරු වැඩසටහනක් වැලිගම - මීරා සාහිබ් ජුම්මා පල්ලියේ දී

 

විවිධ ජාතීන් අතර සංස්කෘතික මට්ටමින් බැඳීම් ඇති කිරීම හා “අප සියලු දෙනා ම ශ්‍රී ලාංකිකයින්“ යන හැඟීම ඔස්සේ සංවර්ධනය උදෙසා රට ගොඩ නගමු යන තේමාව මුල්කර ගනිමින් සංස්කෘතික හුවමාරු වැඩසටහනක් වැලිගම - මීරා සාහිබ් ජුම්මා පල්ලියේ දී පැවැත්විණි.

ඉස්ලාම් දේවස්ථානවල ආගමික වතාවත් සිදු කරන ආකාරය, මුස්ලිම් සංස්කෘතියට අදාළ ආහාරපාන වර්ග, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ඇතුළු සංස්කෘතික කටයුතු, මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයක් සිදු වූ විට අවසන් කටයුතු සිදු කරන මොහොත දක්වා ක්‍රියාවලිය, ඉස්ලාම් ආගමික දේවස්ථානවල ආකෘතිය සැකසී ඇති ආකාරය ඇතුළු පැතිකඩ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සංස්කෘතික හුවමාරු වැඩසටහන පවත්වන ලදි.

මේ අවස්ථාවට වැලිගම ප්‍රදේශයේ ගරුතර මහාසංඝ රත්නය, වැලිගම ප්‍රාදේශිය ලේකම් නිරෝෂා සමන්ති මෙණ්ඩිස් මහත්මිය, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිසිය, ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල කළමනාකරුවන් ඇතුළු බැංකු නිලධාරීන් හා සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ඉස්ලාම් අධ්‍යයන ආයතනය හා MWRF ආයතනය හා එක්ව වැලිගම - මීරා සාහිබ් ජුම්මා පල්ලියේ භාරකාර මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...