Monday, September 18, 2023

මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ සියලු අංශ වලට අදාළව රාජ්‍ය නිලධාරියෙකු සිටිනවා - ඒත් ඊට අදාළ ප්‍රගතියේ ගැටළුවක් තියෙනවා - මාතර දිස්ත්‍රික් ලේකම්

 


මනුෂ්‍යයෙකුගේ ජීවිතය හා සම්බන්ධ සියලු ම අංශ වලට අදාළව කිසියම් හෝ රාජ්‍ය නිලධාරියෙකු සිටින බවත්, එහෙත් ඒ ඒ අංශ වලට අදාළ නිලධාරීන් සිටියත් අවශ්‍ය සම්පත් අවශ්‍ය පමණට තිබුණත්, අවශ්‍ය ඉලක්ක වලට අදාළ ප්‍රගතිය අත්කර ගැනීමේ අර්බුදයක් අප ඉදිරියේ පවතින බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සහභාගි වූ අවස්ථාවේ දී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපති වරයා පැවසුවේ මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට විශාල වැඩ කොටසක් ක්ෂේත්‍ර නිලධාරීන් වන ඔබ සියලු දෙනාට ම කළ හැකි බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ය.

මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත වෙනුවෙන් රජයේ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයට පත්කර සිටින ක්ෂේත්‍ර නිලධාරීන්ට අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලින් පවරා තිබෙන රාජකාරි අනුව ප්‍රගතිය ඉදිරිපත් කරන ලදි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නාලිකා දොඩම්පෙගම මහත්මිය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...