Wednesday, September 27, 2023

මාතර - අකුරැස්සේ සිට යාපනය දක්වා පාගමනින් ගොස් නැවත පැමිණ ගිනස් වාර්තාවක් තබන්නට ගමන් ආරම්භ කළ සුබ්‍රමනියම් බාලකුමාර්

 

1990  දශකයේ දකුණු පළාතේ දක්ෂතා දැක්වූ මැරතන් ක්‍රීඩකයෙක් වන මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි සුබ්‍රමනියම් බාලකුමාර් මාතර - අකුරැස්සේ සිට යාපනය දක්වා පාගමනින් ගොස් නැවත පැමිණ ගිනස් වාර්තාවක් තැබීම සඳහා පසුගිය 25 වනදා අකුරැස්සෙන් ගමන් ආරම්භ කරන ලදි.

වයස අවුරුදු 50 ඉක්ම වූ ඔහු ඉතාම ආර්ථික අපහසුකම් මැද ජිවත් වන වතු කම්කරුවෙකි.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමා , ක්‍රීඩා අධ්‍යක්ෂකතුමිය, අකුරැස්ස සමුපකාර සමිතිය, සමුපකාර රක්ෂණ සමාගම, ඔහු සේවය කරන අකුරැස්ස පරදුව වතුයාය හා ප්‍රදේශවාසීන් ඔහු වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දෙන ලද අතර ඔබේ නගරයට, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පැමිණෙන ඔහු දිරිමත් කිරිම සඳහා ඔබට හැකි පමණින් සහයෝගය ලබා දෙන්නේ නම් එය රට වෙනුවෙන් කරන ආයෝජනයකි.

මෙම පාගමන අකුරැස්සෙන් ආරම්භ කර, මාතර හරහා දික්වැල්ල වැව්රුකන්නල, තංගල්ල, අම්බලන්තොට, හම්බන්තොට, තිස්ස, කතරගම, තනමල්විල, බුත්තල, සියඹලාන්ඩුව හරහා නැගෙනහිර පලාත හරහා යාපනය දක්වා ගමන් කර නැවත පැමිණීමට නියමිත ය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...