Friday, September 29, 2023

නිල්වලා ගගේ ගසාගෙන ගිය බාච් එක සොයා ගනී

 

පිරිසිදු කිරී සඳහා භාවිතා කරන වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත් බාච් ආධාරකය මේ දිනවල පවතින අධික වර්ෂාවත් සම නිල්වලා ගඟෙහි අධික ජල පහර හේතුවෙන් ගසාගෙන ගොස් මාතර තොටමුණ ප්රදේශයේ සිර වී තිබිණි.

ආපදා කලමණාකරන සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ නිලධාරින් විසින් යාන්ත්රික බෝට්ටුව ආධාරයෙන් එම බාච් ආධාරකය මාතර - තොටමුණ ධීවර තොටුපල වෙත රැඟෙන යන ලදි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...