මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින ජනතා ගැටළු පිළිබඳව හා ඒවා විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව සහ ඒවායේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලද අතර අදාළ ගැටළු වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින සංවර්ධන ගැටලු, මූල්‍ය ගැටලු, ඉඩම් ගැටලු, සමෘද්ධි ගැටලු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමය පිළිබඳව, අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන, ගෘහාශ්‍රිතව එළුවන් ඇතිකිරීමේ වැඩසටහන, සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන, අඩු ආදායම්ලාභී ජනතාවට සහල් ලබාදීමේ සහනාධාර වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක ප්‍රගතිය විමසා බැලීම ද සිදු කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment