Friday, September 22, 2023

මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව

මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී පසුගිය කමිටුවේ දී ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රගති සමාලෝචනය සිදු කිරීම, ප්‍රදේශයේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව, විදුලිබල, පානීය ජල, සමෘද්ධි සංවර්ධන, මාර්ග සංවර්ධනය, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, සත්ව නිෂ්පාදනය, මගී ප්‍රවාහන, තැපැල්, නිවාස කටයුතු, සන්නිවේදනය, අපනයන භෝග, වෘත්තීය පුහුණු, ගොවිජන සේවා, වන සංරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමුකර ඒ වෙනුවෙන් වූ තීන්දු තීරණ රැසක් ගන්නා ලදි.

මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා (වැ.බ) ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...