නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මේ දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නිල්වලා ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව තිබේ. එම නිසා නිල්වලා ගඟ දෙපස සහ පහත් බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (28) සවස 6.00 ට වන විට ඌරුබොක්ක ගඟේ ඌරව ජලමාපකයේ අගය මිටර් 3.6 දක්වා අඩුවි ඇති අතර එය එම ගංඟාව එම ස්ථානයෙන් පිටාර ගැලිමේ මට්ටම වු මීටර් 2.5 හා සුළු ගංවතුර තත්වයක් ඇතිවිමේ මට්ටම වු මිටර් 4.0 අතර අගයක් ගන්නා බවත් අද සවස 6.00 න් අවසන් වු පැය 9 තුල එම ස්ථානය ආශ්‍රිතව මිලිමීටර් 32.3ක වාර්ෂාපතනයක් ලැබි ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නිල්වලා ගඟේ පිටබැද්දර ජලමාපකයේ අගය මීටර් 5.2 දක්වා අඩු වී එම ස්ථානයෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති විමේ මට්ටම වු මීටර් 5.0 ත් මහා ගංවතුර තත්ත්වයක් ඇති විමේ මට්ටම වු මීටර් 6.5ක අගයත් අතර රැදි පවතින බවත් එම ස්ථානය ආශ්‍රිතව අද සවස 6.00 න් අවසන් වු පැය 9 තුළ මිලිමීටර් 28.7 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.
එලෙස නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයේ ජල මට්ටම අඩුවෙද්දි පානදුගම ජලමාපකයේ අගය මිටර් 7.14 ක් දක්වා ඉහළ යමින් එම ස්ථාන ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ මට්ටම වු මීටර් 6.00 ත් මහා ගංවතුර තත්වයක් ඇති විමේ මට්ටම වු මීටර් 7.5 ත් අතර අගයක් ගන්නා බවත් තල්ගහගොඩ ජලමාපකයේ අගය මීටර් 1.79 දක්වා ඉහළ ගොස් එම ස්ථානයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විමේ මට්ටම වු මීටර් 1.7 ත් මහා ගංවතුර තත්වයක් ඇති විමේ මට්ටම වු මීටර් 2.8 ත් අතර අගයක් ගන්නා බවත් එම ස්ථානය ආශ්‍රිතව ද අද සවස 6.00න් අවසන් වු පැය 9 තුල මිලිමීටර් 21.8 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment