Monday, September 18, 2023

"පිපාසයට දිය දෝතක්" - කොටපොල - බොරළුකන්ද ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරේ


"පිපාසයට දිය දෝතක්" - කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුගුණුමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ බොරළුව කන්ද ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ප්‍රදේශයට දිගු කාලයක සිට අඩුපාඩුවක්ව පැවති මෙම ජල යෝජනා ක්‍රමය, ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මැතිතුමගේ මැදිහත්වීමෙන් යාථාර්ථයක් බවට පත් කිරීමට හැකි විය.

මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...