බංගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බෝලියද්ද මංසන්ධියේ සිට ඉහළ මලිදූවට පිවිසෙන මාර්ගයේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාළම නිරීක්ෂණය සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා සහභාගි විය.
එහි දී නව පාළම ඉදිකිරීම පිළිබඳව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්වාසීන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ආණ්ඩුකාර වරයා, පාලම ඉදිකිරීමට නියමිත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ හිමිකාරිත්වයට දුරකථනයෙන් කතා කොට හැකි ඉක්මනින් නව පාළමේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදි.
පාලම ඉදිකිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් ලබා දීමට මෙන්ම ඉදිකිරීම් උපකරණ රඳවා තැබීමට ස්ථානයක් සොයා දීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට පුවක්වත්ත විහාරස්ථානයේ ධම්මින්ද ස්වාමීන්වහන්සේ, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී අරවින්ද මහතා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) අනුර ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාලම ඉදිකරන නෙදර්ලන්ත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සමරසිංහ මහතා ප්‍රමුඛ එම ආයතනයේ නිලධාරීන්, ඉහළ මලිදූව ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment