පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ ආපදාවටපත් ජනතාව මුදවා ගැනීමට සහඔවුන් වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.
මෙහි දී ගංවතුරෙන් බලපැමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නේ මුදවා ගැනීමේ කටයුතු හා අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කරන ලෙසයි. මේ සඳහා මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය හා නාවික හමුදාව අවශ්‍ය සහාය ලබා දෙයි.
එසේ ම මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හා එහි අතු ගංගාවන් වන කිරම ආර ඔය, පොල්අතුමෝදර ඔය ආශ්‍රිත ජල මට්ටම් කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙන ලදි.
මේ අවස්ථාවට ආපදාවට ලක්විය හැකි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම්වරු, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා සහන සේවා අංශය ඇතුළු අදාළ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment