Wednesday, September 27, 2023

මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ක්‍රියාවලී වැඩිදියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක්

 
මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි ක්‍රියාත්මක ක්‍රමවේද නැවත සමාලෝචනය කරමින් නව වැඩපිළිවෙලක්යටතේ අදාළ රාජ්‍ය ආයතනයන්හි ක්‍රීයාවලී වැඩිදියුණු කිරීම සඳහා වූ නව ප්‍රවේශයන් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි සම්පත් දායකත්වය හා මෙහෙයවීම සිදු කරන ලද්දේ තික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුරංග ගුණරත්න මහතා විසිනි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන “රාජ්‍ය ආයතනයන්හි ක්‍රියාවලී වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය“ යටතේ මෙම වැඩසටහන පවත්වන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් 150 ට ආසන්න නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...