ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණයෙහි ඇති වැදගත්කම හා සමථ මූල මණ්ඩල ක්‍රියාකාරීත්වය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් සමථකරණය හා ගැටුම් නිරාකරණය පිළිබඳව සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් වේනූකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි සම්පත් දායකත්වය සපයන ලද්දේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී පියුමි කංකානම්ගේ මහත්මිය විසිනි.
මේ අවස්ථාවට කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment