Friday, September 29, 2023

ගන්දර මහ විදුහලට නව තෙමහල් ගොඩනැගිල්ලක්

 

ගන්දර මහ විදුහලට අවශ්‍ය නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්‍ය ආධාර ලබා දීම හා එම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සහීඩා පදනම මගින් මෙම නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 75 ක මුදලක් ලබා දීමට ඉදිරිපත් වූ අතර එහි පළමු අදියර ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ආධාර නවුෆර් ෆවුසි මහතා විසින් ලබා දෙන ලදි. එම මුදල් පරිත්‍යාගය ගන්දර මහා විද්‍යාලයේ විදුහල්පතිනියට ලබා දෙනු ලැබී ය.

මෙහි ඉදිරිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දෙන අතර ඉදි කිරීම් කටයුතු මාස 03 කින් අවසන් කිරීමට නියමිත ය. ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීම ගන්දර මහ විදුහලේ ශිෂ්‍ය නායකයන් විසින් සිදු කරන ලදි.

මේ අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, ගන්දර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, ගුරු භවතුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...