මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට අවැසි අත්‍යාවශ්‍ය සේවා සැපයීම මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
ඒ අනුව කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරගොඩ, උයන්ගොඩ ග්‍රාම නිලධාරි කොටඨාසයේ ඇති වී තිබෙන ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා ආසන්නතම ප්‍රවේශ මාර්ග වෙත රෝගීන් ප්‍රවාහනය කිරීම සිදු කරන ලදි.
කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් නීතිඥ කුසලක නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර මදුමාලී වෙල්ලප්පිලි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් අද (30) දිනය තුළ තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
මේ සඳහා ගාල්ල නාවික හමුදා කදවුරේ (දක්ෂිණ) බෝට්ටු ක්‍රියාකරුවන්ගේ සහාය ද හිමිවේ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment