Saturday, September 30, 2023

මාතර ධාරුල් උලුම් මහා විද්‍යාලයට නව ශ්‍රවණාගාරයක් සමඟ තෙමහල් ගොඩනැගිල්ලක්

 

මාතර ධරුල් උලුම් මහා විද්‍යාලයට නව ශ්‍රවණාගාරයක් සමඟ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්‍ය ආධාර ලබා දීම හා එම නව ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීම විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක අවශ්‍යතා වෙනුවෙන් සහීඩා පදනම මගින් මූල්‍යාධාර සැපයෙන අතර මාතර ධරුල් උලුම් මහ විදුහලට රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබා දීමට නියමිත ය. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක මූල්‍යාධාර නවුෆර් ෆවුසි මහතා විසින් ධාරුල් උලුම් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාට ලබා දෙන ලදි.

මෙහි ඉදිරිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දෙන අතර ඉදි කිරීම් කටයුතු මාස 03 කින් අවසන් කිරීමට නියමිත ය. ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීම ගන්දර මහ විදුහලේ ශිෂ්‍ය නායකයන් විසින් සිදු කරන ලදි.

මේ අවස්ථාවට ධාරුල් උලුම් මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, ගුරු භවතුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...