Saturday, September 30, 2023

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් සහන සේවා ක්‍රියාත්මක කෙරේ

 

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට අවැසි අත්‍යාවශ්‍ය සේවා සැපයීම මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ඒ අනුව කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරගොඩ, උයන්ගොඩ ග්‍රාම නිලධාරි කොටඨාසයේ ඇති වී තිබෙන ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා ආසන්නතම ප්‍රවේශ මාර්ග වෙත රෝගීන් ප්‍රවාහනය කිරීම සිදු කරන ලදි.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් නීතිඥ කුසලක නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර මදුමාලී වෙල්ලප්පිලි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් අද (30) දිනය තුළ තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

මේ සඳහා ගාල්ල නාවික හමුදා කදවුරේ (දක්ෂිණ) බෝට්ටු ක්‍රියාකරුවන්ගේ සහාය ද හිමිවේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

අකුරැස්ස - බෝලියද්ද මංසන්ධියේ සිට කොහුගොඩ, ඉහළ මලිදූව මාර්ගය පිවිසුමේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාළම වෙනුවට නව පාළමක් කඩිනමින් ඉදිකිරීමට පියවර......

 

බංගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බෝලියද්ද මංසන්ධියේ සිට ඉහළ මලිදූවට පිවිසෙන මාර්ගයේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාළම නිරීක්ෂණය සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා සහභාගි විය.

එහි දී නව පාළම ඉදිකිරීම පිළිබඳව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්වාසීන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ආණ්ඩුකාර වරයා, පාලම ඉදිකිරීමට නියමිත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ හිමිකාරිත්වයට දුරකථනයෙන් කතා කොට හැකි ඉක්මනින් නව පාළමේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදි.

පාලම ඉදිකිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් ලබා දීමට මෙන්ම ඉදිකිරීම් උපකරණ රඳවා තැබීමට ස්ථානයක් සොයා දීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට පුවක්වත්ත විහාරස්ථානයේ ධම්මින්ද ස්වාමීන්වහන්සේ, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී අරවින්ද මහතා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) අනුර ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාලම ඉදිකරන නෙදර්ලන්ත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සමරසිංහ මහතා ප්‍රමුඛ එම ආයතනයේ නිලධාරීන්, ඉහළ මලිදූව ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

මාතර - ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සැලසුම්

 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ ආපදාවටපත් ජනතාව මුදවා ගැනීමට සහඔවුන් වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.

මෙහි දී ගංවතුරෙන් බලපැමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නේ මුදවා ගැනීමේ කටයුතු හා අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කරන ලෙසයි. මේ සඳහා මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය හා නාවික හමුදාව අවශ්‍ය සහාය ලබා දෙයි.

එසේ ම මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හා එහි අතු ගංගාවන් වන කිරම ආර ඔය, පොල්අතුමෝදර ඔය ආශ්‍රිත ජල මට්ටම් කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙන ලදි.

මේ අවස්ථාවට ආපදාවට ලක්විය හැකි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම්වරු, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා සහන සේවා අංශය ඇතුළු අදාළ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...