මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් විසිදාස් අටසිය විසි දෙදෙනෙකු (20822) සඳහා මසකට රුපියල් දෙදහස (2000) බැගින්
එක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු සඳහා වසරකට රුපියල් 24,000 ක් රජය මගින් ලබාදෙයි. ඒ අනුව
පසුගිය 2019 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
සඳහා රුපියල් හතලිස් නව කෝටි අනූහත්ලක්ෂ විසිඅට දහසක් හෙවත් රුපියල් මිලියන 499.72
ක (499728000) මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති බව මාතර දිස්ත්‍රික්
වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.
මාතර පුවත් වෙත අදහස් දක්වමින් ඇය තවදුරටත් පැවසුවේ
අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් දෙසිය පස්දෙනෙකු
(1205) සඳහා රුපියල් විසිහතර ලක්ෂ දසදහසක් (2410,000) ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හයසිය විසිදෙදෙනෙකු (1622) සඳහා රුපියල් තිස්දෙලක්ෂ
හතලිස්හතර දහසක් (3244,000) ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
එක්දහස් එකසිය තිස්හත්දෙනෙකු (1137) සඳහා රුපියල් විසිදෙලක්ෂ හැත්තහතර දහසක් (2274,000)
ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය හැටදෙනෙකු (960) සඳහා
රුපියල් දහනව ලක්ෂ විසිදහසක් (1920,000) ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය අනූහතරදෙනෙකු (994) සඳහා රුපියල් දහනව ලක්ෂ අසූඅට දහසක්
(1988,000) ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය පනස්හතර
දෙනෙකු (954) සඳහා රුපියල් දහනව ලක්ෂ අටදහසක් (1908,000) ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් දෙසිය හතලිස් නවදෙනෙකු (1249) සඳහා රුපියල්
විසිහතර ලක්ෂ අනූඅට දහසක් (2498,000) ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදාස් හාරසිය හැටදෙනෙකු (2460) සඳහා රුපියල් හතලිස් නවලක්ෂ විසිදහසක්
(4920,000) ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හයසිය
හැටනවදෙනෙකු (1669) සඳහා රුපියල් තිස්තුන් ලක්ෂ තිස්අට දහසක් (3338,000) ද, පස්ගොඩ
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදාස් තුන්සිය තිස්නවදෙනෙකු (2339)
සඳහා රුපියල් හතලිස්හය ලක්ෂ හැත්තඅට දහසක් (4678,000) ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අටසිය අනූඅට දෙනෙකු (898) සඳහා රුපියල් දාහත්ලක්ෂ අනූහය
දහසක් (1796,000) ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස්
හැත්තඑක් දෙනෙකු (1071) සඳහා රුපියල් විසිඑක් ලක්ෂ හතලිස් දෙදහසක් (2142,000) ද, වැලිගම
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් තුන්සිය අනූ දෙදෙනෙකු (1392)
සඳහා රුපියල් විසිහත් ලක්ෂ අනූහතර දහසක් (2794,000) ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් තුන්දෙනෙකු (1003) සඳහා රුපියල් විසිලක්ෂ හය
දහසක් (2006,000) ද, අතුරලිය ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් එකසිය හත්දෙනෙකු (1107) සඳහා රුපියල් විසිදෙලක්ෂ
දාහතර දහසක් (2214,000) ද හා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් හත්සිය හැටදෙදෙනෙකු (762) සඳහා රුපියල් පහළොස් ලක්ෂ විසිහතර දහසක් (1524,000)
ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසිදාස් අටසිය විසි දෙදෙනෙකු (20822)
සඳහා රුපියල් හතලිස් නව කෝටි අනූහත්ලක්ෂ විසිඅට දහසක් හෙවත් රුපියල් මිලියන 499.72
ක (499728000) මුදලක් ලබා දී ඇති බවයි.
ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්ත වලට අනුව මේ
වනවිට වැඩිහිටි දීමනාව හිමි ලංකාවාසී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව හාරලක්ෂ දහසය දහස්
හයසිය හැටහතක් (416,667) වේ.
වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදහසකට (2000) අධික පිරිසක් මාතර දිස්ත්‍රික්කයේ සිටින අතර දිවයින පුරා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ලක්ෂ තිස් හත්දහසකට (137,000) අධික පිරිසක් පොරොත්තු ලේඛනගතව සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලයීය දත්ත අනුව තහවුරු වේ.
දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි
දීමනාව රුපියල් 2500 ක්
දක්වා වැඩි කිරිමට ද ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සැලසුම් කර ඇත.
No comments:
Post a Comment