Tuesday, January 28, 2020

සාමය, සමාජ සහජීවනය හා ඒකාබද්ධතාවය උදෙසා ප්‍රජාව ශක්තිමත් කිරීම පිළිබඳව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම හෙට (30)


සාමය, සමාජ සහජීවනය හා ඒකාබද්ධතාවය උදෙසා ප්‍රජාව ශක්තිමත් කිරීම පිළිබඳ මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙ.ව.9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට නියමිත අතර පළමු අදියර යටතේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන් හා සමාජ ඒකාබද්ධතා නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සම්මේලනය, සවිය සංවිධානය හා ග්ලෝබල් කොමියුනිටීස් සංවිධානය මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...