දෙවිනුවර ප්‍රාදේශීය
ලේකම් වරයා වශයෙන් කටයුතු කළ රංජිත් යාපා මහතා මාතර
මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස රාජකාරි ආරම්භ කිරීම ඊයේ (06) දින සිදු කෙරිණි.
මහජනතාව හා රාජ්‍ය සේවකයින් අතර ඉතා සුහදශීලීව
කටයුතු කරන පරිපාලන සේවයේ පරිණත නිලධාරියෙකු වන රංජිත් යාපා මහතා මාතර ප්‍රාදේශිය
ලේකම් වරයා වශයෙන් ද කටයුතු කර ඇති අතර මීට පෙර ද මාතර මහා නගර සභාවේ නාගරික
කොමසාරිස්වරයා ලෙස රාජකාරි කටයුතු කර සිදු කර ඇත.
ඒ මහතා රාජකාරි කටයුතු ආරම්භ කරන අවස්ථාවට මාතර මහා
නගර සභාවේ පුරපති රංජිත් යසරත්න මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු
පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment