වසර කිහිපයකට පෙර වසා දැමුණු වැලිගම අධ්‍යාපන කලාපයට
අයත් මිදිගම - නාකන්ද කනිටු විදුහල ප්රාථමික පාසලක් වශයෙන් නැවත ආරම්භ කිරීම ගරුතර මහා සංඝරත්නයේ
ආශිර්වාදය සහිතව වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
1956
වර්ෂයේ දී ළමුන් 300 ට අධික පිරිසක් අධ්‍යාපනය හැදෑරූ මිදිගම - නාකන්ද කනිටු විදුහල
මෑත කාලයේ පාසලට ළමුන් ඇතුළත් කිරීම ක්‍රමයෙන් අඩු වූ හෙයින් පාසල වසා දැමීම සිදු විය.
එහෙත් මේ වන විට ප්‍රදේශයේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා දෙමවුපියන්ට මහත්
වෙහෙසක් දැරීමට සිදුවීම නිසා නැවත පාසල විවෘතකර ගැනීමට ඔවුන් දැඩි සේ උනන්දු විය. එහි
ප්‍රතිඵයක් වශයෙන් මිදිගම - නාකන්ද කනිටු
විදුහල නැවත විවෘත කෙරිණි.
2020 වර්ෂය සඳහා පාසලට ඇතුළත් වන සියලු ළමුන් සඳහා
පාසල් බෑග්, සපත්තු, නිළ ඇඳුම්,
පොත්පත්, පැන්සල් ඇතුළු පාසල් උපකරණ නොමිලේ සැපයීමට පාසල් සංවර්ධන කමිටුව තීරණය තීරණය
කර තිබේ.
මෙම පාසල විවෘත කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදුන් හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
මෙම පාසල විවෘත කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදුන් හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment