මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 100 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් 47 දෙනෙකු සිටිති. ඔවුන් සඳහා මසකට රුපියල් 5000 බැගින් එක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු
සඳහා වසරකට රුපියල් 60,000 ක් රජය මගි ලබාදෙයි. ඒ අනුව පසුගිය 2019 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ
වසය අවුරුදු 100 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 2820,000 ක මුදලක් ලබා දී
ඇති බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් තිදෙනෙකු (03) ද, දෙවිනුවර ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ එක් (01) ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු (02) ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
දෙදෙනෙකු (02) ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පස්දෙනෙකු (05) ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු (02) ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් තිදෙනෙකු (03) ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
හයදෙනෙකු (06) ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තිදෙනෙකු
(03) ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හයදෙනෙකු (06) ද, පිටබැද්දර
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු (02) ද, තිහගොඩ ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පස්දෙනෙකු (05) ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු (02) හා වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් පස්දෙනෙකු (05) වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 47 දෙනෙක්
ජීවත්ව සිටිති.
මොවුන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබා දීමේ දී කිසිඳු
ආදායම් සීමාවක් නොසැලකේ.
ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්ත වලට අනුව වයස
අවුරුදු සියය (100) ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පන්සිය හැත්තෑ තුන් (573) දෙනෙකු
දිවයින පුරා ජීවත් වෙති.
No comments:
Post a Comment