මාතර දිස්ත්‍රික්කයෙන් පසුගිය වසරේ මී උණ රෝගීන් 439 දෙනෙකු වාර්තාවී ඇති බව
මාතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞණ පරීක්ෂක පී.වන්නිගම මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ
මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් ඩෙංගු කළමනාකරණ කමිටුව සඳහා සහභාගි වූ
අවස්ථාවේ දී ය.
මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මී උණ රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොටපොල සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 100 කි. පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
කොට්ඨාසයෙන් රෝගීන් 72 ක් වාර්තා වේ. අඩුම මී උණ රෝගීන් පිරිසක් වාර්තා වන්නේ දික්වැල්ලෙන්
හා වැලිගමින් වන අතර එම සංඛ්‍යාව 07 කි.
මාතර දිස්ත්‍රික්කයේ වාර්තා වූ මී උණ රෝගීන්ගෙන් නවදෙනෙකු මිය ගොස් ඇත. මිය
ගිය රෝගීන් අතර වැඩි වශයෙන් ඇත්තේ ගොවීන් නොවන අයයි. රියදුරන්, වැලි ආශ්‍රිත රැකියාවල
නියුතු අය, කුඹරුවල ඇවිද ගිය අය හා කොහිල කැපීම සඳහා ගිය අය ද ඒ අතර සිටිති.
මී උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අත්පත්‍රිකා
බෙදාහැරීම්, වැළැක්වීමේ ප්‍රතිකාර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ඒ මහතා
වැඩි දුරටත් පැවසී ය.
මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද
හඳුන්වනු ලැබේ. Leptospira
interrogans නැමැති බැක්ටීරියාව
නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන්
වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී
තිබිය හැකි ය.
කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාළ හරහා
බැක්ටීරියාව ශරීරගත වියහැක. සමේ
ඇති පියවි ඇසට
නොපෙනෙන තරම් කුඩා සීරීමක් හරහා වුවද මෙම බැක්ටීරියාව ඇතුළුවීම සිදුවේ. ගලා නොයන දිය කඩිති වල නෑමේදී ඇස්වල සහ නාසයේ ඇති
සියුම් පටක හරහා ද
බැක්ටීරියාව ශරීරගත වේ. මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් මුව සේදීමෙන් වුවද රෝගය වැළඳේ. පුරන්
වූ කුඹුරකට බසින ගොවියෙකුට මෙම රෝගය
වැළඳීමට වැඩි අවදානමක් පවතී. මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වූ ආහාර අනුභව කිරීමෙන් රෝගය වැළඳුණු අවස්ථා ද වාර්තා වී ඇත.
මෙම බැක්ටීරියාව කොතරම් දරුණුදැයි කිවහොත්, එකම එක බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වුවද මී උණ සෑදීමට හැකියාව ඇත. කෙසේ වුව
ද මී උණ වැළඳුණු
රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ නොවේ.
සාමාන්‍යයෙන්, බැක්ටීරියාව
ශරීරගත වී දින 5-14 ත්
අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ. මෙම කාල පරාසය දින 2-30 දක්වා වෙනස් විය හැකි ය.
වෙව්ලා හැදෙන තද උණ, මස්පිඬුවල තදබල වේදනාවක් ඇතිවීම (විශේෂයෙන් කෙණ්ඩා
සහ කොන්දේ පහළ ප්‍රදේශයේ), ඇස්
තද රතුපැහැ වීම සහ දැවිල්ලක් හටගැනීම වැනි ප්‍රධාන රෝග ලක්ෂණ වලට අමතරව ඔක්කාරය සහ වමනය, දැඩි හිසරදය, කෑම අරුචිය, අප්‍රාණික
බව, මුත්‍රා තද කහ පැහැයක් ගැනීම, මුත්‍රා සමඟ ලේ යාම, මුත්‍රා පිටවීම අඩුවීම, සමේ පලු මතුවීම, ඇතැම් විට කැස්ස ඇතිවිය හැකි ය. සමහර මී උණ වැළඳුණු
රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වා වුව ද සිටිය හැක. ඇතැම්
විට මී
උණ වැළඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ ඩෙංගු උණ, ඉන්ෆ්ලුවෙන්සාව, මෙනින්ජි පටල ප්‍රදාහය (Meningitis), අක්මා
ප්‍රදාහය (Hepatitis) වැනි රෝග වලට සමාන වන අවස්ථා පවතී.
නිසි
කලට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයව
වලට විවිධ බලපෑම් ඇතිකරමින් මී උණ රෝගය මාරාන්තික විය හැකි ය. අධික රුධිර වහනය
ද රෝගය මාරාන්තික වීමට හේතුවක් වන අවස්ථා පවතී. මී උණ වැළඳුණු රෝගීන්ගෙන්
5 - 30%
අතර ප්‍රමාණයක් මරණයට පත් විය හැකි ය. මී උණ බෝවන්නේ බැක්ටීරියාවකින්
බැවින් ඒ සඳහා ලබාදිය හැකි ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) පවතී.
එම නිසා නිසි
කලට නිසි ප්‍රතිකාර ගැනීමෙන් මී උණ රෝගය සම්පූර්ණයෙන් සුවකිරීමට හැකියාව පවතී.
කුඹුරු, වගාබිම්, වගුරුබිම්, පතල්, ඇලවේලි, දියකඩිති ආශ්‍රිතව වැඩ කිරීමට නියමිත නම්, වැඩකිරීම ආරම්භ කිරීමට සතියකට පෙර ආරක්ෂිත ප්‍රතිකාර ලබාගත යුතුය. මේ සඳහා ඩොක්සිසයික්ලින් (Doxycycline) නැමැති ඖෂධය මිලිග්‍රෑම් 200 ක්, වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර ලබාගත යුතු අතර, එම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩ කරන කාලය පුරාවට ගත
යුතුවේ. කෙසේ වුවත්, මෙම ඖෂධය සති 6 කට
වඩා එක දිගට
ගැනීමෙන් වැළකිය යුතු වේ. මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ඔබ ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (Medical Officer of Health or MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector or PHI) හමුවී ලබාගත හැක. මෙම ඖෂධය ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී
කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන්
නොමිලේ ලබා ගත හැකි ය.
මාතර
අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය
ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පරිසර අංශ හා සෞඛ්‍ය අංශ මේ අවස්ථාවට සහභාගි වී
සිටියහ.
No comments:
Post a Comment