ශ්‍රී ලංකාව සතු 29% ක් වූ වන ගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩිකිරීමේ පරිසර ප්‍රතිපත්තියට
අනුව රට පුරා වසරකට ගස්
දස ලක්ෂයක් සිටුවීමේ "හැදෙන රටට - වැඩෙන ගසක්” ජාතික රුක් රෝපණ
වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද
(01) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක
කෙරිණි.
මාතර අතරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා
සහ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සක්‍රීයව දායක වූහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිසර අංශය හා කෘෂිකර්ම
අංශය වැඩසටහන සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment