Wednesday, January 1, 2020

දසවිධ ප්‍රතිඥාව ලබා දී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2020 වසරේ වැඩ අරඹයි


ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනය ගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා වන දස විධ ප්‍රතිඥාව ලබා දී 2020 නව වසරේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීම සඳහා රාජකාරි ආරම්භ කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මාතර අතරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා සහ මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහතාමිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...