'සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යවත් රටක්' තේමාව යටතේ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට
සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි මාතර දිස්ත්‍රික් ලේකම්
ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සූදානම් කර
තිබේ.
ඒ අනුව මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන රුක් රෝපණ වැඩසටහනක්, ශ්‍රමදාන වැඩසටහනක් සහ මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කව අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා සැහැල්ලු පන්දු ක්‍රිකට්
තරඟාවලියක් පැවැත්වීමට නියමිත ය.
නිදහස් දිනය නිමිත්තෙන් සෑම නිවසක ම සහ ආයතනයක ම ජාතික
කොඩිය ඔසවා තැබීමටත්
ඒවා ආලෝකවත් කිරිමටත් කටයුතු කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලිමක්
කරයි. ඊට සමගාමිව සෑම ගෙවත්තකම පැළයක් සිටුවිමට ද ක්‍රියා කෙරේ. ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් ස්වෙච්ඡා
සහ අනෙකුත් ආයතනවල සහභාගිත්වයෙන් පැළ සිටුවිමේ සහ ශ්‍රමදාන වැඩසටහන්
සංවිධාන කෙරේ.
පෙබරවාරි 04 වැනිදා නිදහස් සමරු උළෙල මෙවර පැවැත්වෙන්නේ නිදහස් චතුරශ්‍ර
පරිශ්‍රයේය. ඊට සමගාමි ආගමික වතාවත් ලබන 02 වැනිදා සිට පැවැත්වේ. පරිත්‍රාණ
ධර්මදේශනාව ලබන 02
වැනිදා රාත්‍රි 9.30
සිට පසුදා අලුයම තෙක් කොළඹ නිදහස් මන්දිරයේ දී පැවැත්වේ. පසුදා හීල්දාන
පිංකම කොළඹ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විමට නියමිත ය.
ජාතික දින ආගමික වතාවත් කොල්ලුපිටිය. පොල්වත්ත ධර්මකිත්යාරාම විහාරස්ථානයේ
දී පැවැත්වෙනු ඇත. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායක තුමා ඇතුඵ
මැති ඇමතිවරු ඒ සදහා සහභාගි වෙති.
හින්දු ආගමික වතාවත් 04 වැනිදා පෙරවරුවේ මයුරාපති ශ්‍රි භද්‍රකාලි අම්මාන්
කෝවිලේ දි පැවැත්වේ. ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ කොල්ලුපිටිය ජුම්මා මස්ජිද්
පල්ලියේදි පැවැත්වේ. රෝමානු කතෝලික දේව මෙහෙය එදින පෙරවරුවේ බම්බලපිටිය
ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්විමට නියමිත ය. ක්‍රිස්තියානි ආගමික
වතාවත් බගතලේ බැප්ටිස් දේවස්තානයේ දී පැවැත්වීමට නියමිත ය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රිමතාණන්ගේ පිළිරුවට
පුෂ්පෝපහාර දැක්විම ද එදින සිදු කෙරේ.
No comments:
Post a Comment