Thursday, January 16, 2020

මාතර වාරි සෞභාග්‍යය වැඩසටහන වරිමාර්ග රාජ්‍ය ඇමතිගේ ප්‍රමුඛත්වයෙන් ඇරඹේ


සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ පුරන් කුඹුරු අක්කර 15000 ක් අස්වැද්දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍යය වැඩසටහන වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - නාදුගල දී ආරම්භ කෙරිණි.

මෙහි දී ගරුතර මහා සංඝ රත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බණ්ඩත්තර - නාදුගල මාර්ගයේ ගංවතුර ආරක්ෂණ වේල්ලෙහි වැඩ ආරම්භ කිරීම සිදු කරන ලදි.

මීට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ කිරළ කැලේ, අකුරැස්ස, කඩවැද්දුව, කද්දුව, ඌරාපොල, පෙත්තර, අලවතුගොඩ, කැකණදුර, හාලිඇල, සපුගොඩ, දෙනගම හා උයන්වැව ආදී වාරිමාර්ග යෝජනා ක්‍රම ආශ්‍රිතව සංවර්ධන කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.

මේ අවස්ථාවට තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, වාරිමාර්ග නිලධාරීන් හා ගොවිසංවිධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...