Tuesday, January 28, 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති 31 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් හමුවෙයි


සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සහ මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 31 වැනි සිකුරාදා දින ප.ව. 6.00   මාතර - කාලියදාස පාරේ පර්ල් පැලස් හෝටලයේ දී පැවැත්වේ. 

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍ය සංවිධාන හා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු ම ජනමාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිත බව ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් දිමුතු විදානගමාච්චි මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...