බෝ නොවන රෝග සම්බන්ධයෙන් එකළ අප ඇසුවේ
ඉතාම කලාතුරකිනි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්වසන රෝග, පිළිකා රෝග හා හෘදයාබාධ ආදිය නිසා එක් අයෙකු දෙන්නෙකු මිය ගිය ද එය ඉතා ම කලාතුරකින් සිදු වූ දෙයක් බැවින් ඒ පිළිබඳව දැනසිටි අය ද ඉතා ම අල්ප විය. එහෙත් අද තත්ත්වය
ඊට හාත්පසින් ම වෙනස් ය.
එබැවින් ඒ පිළිබඳව
අවධානය යොමු කළ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා මාතර දිස්ත්‍රික්කයේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරීන්
සඳහා ආතති කළමනාකරණය හා බෝ නොවන රෝග පිළිබඳව හා ඒවා වළක්වා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත්
කිරීමේ වැඩසටහනක් නොබෝදා සංවිධානය කර තිබුණි.
මාතර - කැකණදුර සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික රණගල මහතා මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද අතර වෛද්‍ය
වරයා විසින් මෙහි දී ගී රස වින්දන වැඩසටහනක් ද පවත්වන ලදි.
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ
ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ කළමනාකරණ සේවා නිලධාරීන්
පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment