Thursday, January 16, 2020

මාතර කිරින්ද - පුහුල්වැල්ලේ ඉරිදා උදේ වරුවේ ටියුෂන් තහනම්


මාතර කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ ඉරිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා වූ යෝජනාව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදි. කිසිඳු විරෝධයකින් තොරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාව ඒකමතිකව සම්මත විය.
 
සභාපති වරයා විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලද්දේ ඉරිදා පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් දරුවන්ගේ දහම් අධ්‍යාපනයට සිදුවන බාධාව සැලකිල්ලට ගනිමින් කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ ඉරිදා පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම නතර කරන ලෙස ඉල්ලා සිටිමින් පුහුල්වැල්ල ඉසිපතනාරාමාධිපති රොටුඹ සිරි සෝබන නාහිමියන් හා කිරින්ද පූර්වාරාම පරිවෙණාධිපති කළුබෝවිටියන කස්සප නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් බාරදෙන ලද සන්දේශයකට අනුවයි.

කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම එහි සභාපති සනත් හෙට්ටිආරත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...